YouVersion Logo
Search Icon

නික්මයාම 16:4-8

නික්මයාම 16:4-8 SNRV

එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක. එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක. මෝසෙස් හා ආරොන් මුළු ඉශ්රායෙල් ජනයාට කතා කොට, “ඔබ හැම මිසර දේශයෙන් පිටත ගෙනාවේ සමිඳාණන් වහන්සේ බව අද සවස ඔබ දැනගන්නහු ය. උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ. මෝසෙස් යළිත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබට සවස් කාලයේ කෑමට මාංස ද, උදය කාලයේ ඇති තරම් රොටි ද දෙන සේක. එසේ වන්නේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ අසා ඇති බැවිනි. සැබෑවට ම අපි කවුරු ද? ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොව සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ය”යි කී ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 16:4-8