YouVersion Logo
Search Icon

නික්මයාම 16:13-19

නික්මයාම 16:13-19 SNRV

ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය. පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ. මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, “මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, සෑම කෙනෙකු ම තම තමාට අවශ්‍ය ප්‍රමාණයට ඉන් එකතු කරගත යුතු ය. ගෙයි වැසියන්ගේ ගණන අනුව එකිනෙකා ලීටර් දෙක බැගින් ගත යුතු ය. තවද, ඔබ සැම කෙනෙකු ම තම කූඩාරමේ සිටින අයටත් ගෙන යා යුතු ය”යි කීවේ ය. ඉශ්රායෙල් ජනයා එලෙස කරද්දී, සමහරෙක් අඩුවෙන් ද සමහරෙක් වැඩියෙන් ද රැස් කරගත්හ. ඔවුන් එය මැන්න විට වැඩියෙන් රැස් කරගත් අයට වැඩියක් නො වී ය, අඬුවෙන් රැස් කරගත් අයට අඩුවක් ද නො වී ය. එකිනෙකා තම තමා කන ප්‍රමාණයට රැස් කරගෙන තිබිණි. මෝසෙස් ඔවුන්ට කතා කොට, “උදය වන තෙක් ඉන් කිසිත් ඉතිරි නොකළ යුතු ය”යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 16:13-19