YouVersion Logo
Search Icon

නික්මයාම 1:15-21

නික්මයාම 1:15-21 SNRV

මිසර දේශයේ රජතුමා හෙබ්‍රෙව් වින්නඹුවන් වන ෂිප්රා හා පුවාට කතා කොට, “නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට බිහිවන්නට යන්නේ පුතෙක් ද දුවක් ද කියා හොඳින් බලන්න; පුතෙක් නම් මරන්න. දුවක් නම් ඈ ජීවත් වුණා වේ” කියා පැවසී ය. එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, “නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ. දෙවියන් වහන්සේ වින්නඹුවන්ට මහා කරුණාව පෑ සේක. සෙනඟ ද සංබ්‍යාවෙන් වැඩි වී ඉතා බලසම්පන්න වූ හ. තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 1:15-21