ධර්මදේශකයා 12:2-5
ධර්මදේශකයා 12:2-5 SNRV
ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය. ඒ කාලයේ දී ගෙයි රැකවල්ලු වෙවුළන්නෝ ය; බලවන්තයෝ දුබල ව කුදු වන්නෝ ය; අඹරන්නෝ ස්වල්ප බැවින් ඇඹරීම නවතින්නේ ය; කවුළුවලින් බලන්නන්ගේ ඇස් අඳුරු වන්නේ ය. වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය. ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.





