ධර්මදේශකයා 10
10
අධිපතියන් හා යටත් වැසියෝ
1මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.
2ප්‍රඥාවන්තයාගේ සිත හරි දේට ද අඥානයාගේ සිත වැරදි දේට ද යොමු වෙයි. 3එසේ ය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ බුද්ධි හීනත්වයෙන් තමා මෝඩයෙකැ යි සියල්ලන්ට හෙළි කරයි.
4ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය, 5අධිපතීන් අතින් සිදු වන වරදක් මේ මිහි පිට මා දැක ඇත. 6එනම්, අඥානයන් බොහෝ උසස් තනතුරුවලට පත් ව සිටිද්දී, උත්තමයන් පහත් තැන්වල සිටින බව ය. 7වහලුන් අසුන් පිට නැඟී යන අතර, අධිපතීන් වහලුන් මෙන් පයින් ගමන් කරනු දිටිමි.
ඥානය පිළිබඳ හිතෝපදේශ
8 #
ගීතා 7:15; හිතෝ 26:27 වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි. 9ගල් වළක වැඩ කරන්නාට එයින් තුවාළ වෙයි; දර පළන්නාට එයින් අන්තරාය සිදු වෙයි. 10පොරොව මොට්ට වූ විට එය මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදවන්න ඕනෑ වෙයි. ප්‍රඥාවන්තයාට සඵලය ළඟා වෙයි. 11මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත. 12ප්‍රඥාවන්තයාගේ මුවින් නික්මෙන වචන ඔහුට ගෞරවය දෙයි; අඥානයාගේ වචන ඔහුට විනාශය ගෙනෙයි. 13ඔහු කතාව අරඹන්නේ අනුවණකමිනි. ඔහු එය අවසන් කරන්නේ උමතු වූවකු ලෙසිනි.
14අඥානයා දිගින් දිගට කතා කරයි; මතු සිදු වන දේ නොදනියි; ඔහුගේ ඇවෑමෙන් කුමක් සිදු වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
15අඥානයා සිය වැඩ කටයුතුවලින් අධික වෙහෙසට පත්වනු ඇත; ඔහු ගෙදරට යන පාර වත් දන්නේ නැත.
16එම්බා දේශය, ඔබේ රජු කටින් කිරි සුවඳ හමන දරුවෙකු ව සිටින විට ද ඔබේ අධිපතීන් රෑ පුරා කා බී ප්‍රීති වන විට ද ඔබේ විපත ළඟ ය. 17එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය!
18කම්මැලිකම නිසා මිනිසෙකුගේ වහල දිරා වැටෙන්නේ ය; ඔහුගේ අලසකම නිසා ගෙය බිඳ වැටෙන්නේ ය.
19මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දෙයටත් මුදල් අවශ්‍ය ය.
20ඔබේ සිතෙන් වත් රජුට දෙස් නොකියන්න; ඔබේ යහන් ගබඩාවේ දී වත් වස්තුකාරයන්ට දොස් නොකියන්න. අහසේ පියාඹන සක්වාලිහිණියෙකු ඒ දන්වනු ඇත.
Currently Selected:
ධර්මදේශකයා 10: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: