YouVersion Logo
Search Icon

ක්‍රියා 8:6-13

ක්‍රියා 8:6-13 SNRV

පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ. ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය. එකල ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි, තමා මහා උත්තමයෙකැ යි පුරසාරම් දෙඩූ, සමාරීය ජනතාව මවිත කළ, සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේ ය. පරාක්‍රමයාණෝ යයි නම් ලත් දෙවියන්ගේ බලය මොහු යයි කියමින්, ලොකු කුඩා හැම දෙනා ම ඔහුට සාවධාන ව සවන් දුන්හ. ඔවුන් ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවිනවලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසා ය. එහෙත් පිලිප් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය ද ගැන සුබ අස්න දේශනා කළ විට, ඔව්හු ඔහු විශ්වාස කළහ. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. එපමණක් නොව සීමොන් ද විශ්වාස කොට, බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, පිලිප් සමඟ නිරතුරු සිටිමින්, ඔහු කළ අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද දැක මවිත විය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 8:6-13