YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 6:5-11

2 සාමුවෙල් 6:5-11 SNRV

දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය සියලු ආකාර තූර්ය භාණ්ඩවලින් ද කුඩා වීණාවලින් ද කයිතාලම්වලින් ද වීණාවලින් ද රබන්වලින් ද අත්තලවලින් ද නාද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මහ හඬින් ගයමින් නැටුවෝ ය. ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය. සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්, දාවිත් ශෝකයට පත් වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේ ය. ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේ දී දාවිත් සමිඳාණන් වහන්සේට භය ව, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ”යි කීවේ ය. එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 6:5-11