2 රාජාවලිය 7:1-2
2 රාජාවලිය 7:1-2 SNRV
එවිට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. ‘හෙට මේ වේලාවට පමණ රිදී කාසියකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද, රිදී කාසියකට යව කිලෝග්‍රෑම් හයක් ද සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇත’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී ය. එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.





