2 රාජාවලිය 6:5-6
2 රාජාවලිය 6:5-6 SNRV
එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය. එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.





