YouVersion Logo
Search Icon

2 රාජාවලිය 4:6-7

2 රාජාවලිය 4:6-7 SNRV

භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙ‍න්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය. තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.