2 රාජාවලිය 4:1-6
2 රාජාවලිය 4:1-6 SNRV
දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය. එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් භාජනයක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය. එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය. ඈ ද ඔහු වෙතින් ගොස්, ඈත්, ඇගේ පුත්‍රයෝත් ගෙදරට ඇතුළු වී දොර වසාගත්හ. ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝ ය. ඈ තෙල් වත් කළා ය. භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙන්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය.





