YouVersion Logo
Search Icon

2 රාජාවලිය 19:1-7

2 රාජාවලිය 19:1-7 SNRV

හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය. තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය. ඔව්හු ඔහුට කතා කොට, “හෙසකියා මෙසේ කියන්නේ ය: ‘අද දවස දුක ද තරවටුව ද අපහාසය ද ඇති දවසකි. මන්ද, ළදරුවන් බිහි වන්නට ළං ව සිටින නමුත්, ප්‍රසූත කරන්නට ශක්තිය නැත. ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ. මෙසේ කියා හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමිණිය හ. යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න. ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය.