YouVersion Logo
Search Icon

2 වංශාවලිය 5:13-14

2 වංශාවලිය 5:13-14 SNRV

එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය. ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.