1 සාමුවෙල් 30:3-5
1 සාමුවෙල් 30:3-5 SNRV
දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ. එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.





