YouVersion Logo
Search Icon

1 කොරින්ති 14:26-31

1 කොරින්ති 14:26-31 SNRV

එසේ නම්, සහෝදරවරුනි, කුමක් කළ යුතු ද? ඔබ එක්රැස් වන විට එක් එක්කෙනාට ගීතයක් ද අනුශාසනාවක් ද එළිදරව් කිරීමක් ද අන් භාෂා කථනයක් ද එය විසඳීමක් ද තිබිය හැකි ය. මේ සියල්ල ම සභාවේ අභිවෘද්ධිය පිණිස වේ වා! අන් භාෂා කථනය කෙරේ නම්, එය දෙදෙනෙකු හෝ වැඩිම වුණොත් තිදෙනෙකු හෝ පමණක් කළ යුතු ය. එය ද කළ යුත්තේ කෙනෙකුට කෙනෙක් පසුව යි. විසඳා දෙන කෙනෙක් ද විය යුතු ය. විසඳා දෙන කෙනෙක් නැත්නම්, අන් භාෂා කථනය කරන්නා සභාවේ නිශ්ශබ්ද ව සිටිය යුතු ය. ඔහු කතා කළ යුත්තේ තමාටත් දෙවියන් වහන්සේටත් ය. දිවැසි වැකි දෙසන්නෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ කතා කරත් වා. සෙසු අය ඔවුන් කියන දෙය විමසා බලත් වා. එහෙත් එහි වාඩි වී සිටින යමෙකුට එළිදරව්වක් පහළ වූවොත් කතා කරමින් සිටින තැනැත්තා නිශ්ශබ්ද ව සිටිය යුතු ය. සියල්ලන්ගේ ඉගෙනීම පිණිසත්, සියල්ලන්ගේ ධෛර්යය පිණිසත්, ඔබ සැමට ම, පිළිවෙළින් දිවැසි වැකි දෙසීමේ අවස්ථාව සැලසෙනු ඇත.

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 14:26-31