YouVersion Logo
Search Icon

1 වංශාවලිය හැඳින්වීම

හැඳින්වීම
සාමුවෙල්ගේ සහ රාජාවලියේ ග්‍රන්ථයන්හි අඩංගු කරුණු බොහෝ දුරට වංශාවලියේ පොත්වල ද සඳහන් වී තිබේ. එහෙත්, ඒවා සඳහන් කොට ඇත්තේ විශේෂ නැම්මකට හුරු ව ය. වංශාවලියේ ග්‍රන්ථයන්හි සඳහන් ඉශ්රායෙල් රාජ වංශයේ පෙළපත් ඉතිහාසය විශේෂ අරමුණු දෙකකින් පාලනය වෙයි. ඒවායින් එකක් නම්, ඉශ්රායෙල් සහ ජුදා රාජධානීන් වෙත කොපමණ විපත් පැමිණියත්, දෙවියන් වහන්සේ තමන් විසින් තෝරාගන්න ලද ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන බව පෙන්වීම ය. මේ පොරොන්දු තහවුරු කරන අටියෙන් මෙම ග්‍රන්ථයේ කතුවරයා සිය බැල්ම යොමා ඇත්තේ, දාවිත් හා සලමොන් රජවරුන්ගේ බලවන්ත ක්‍රියා දෙසත්, ජොසියා වැනි ධාර්මික රජවරුන් දෙසත්, දෙවියන් වහන්සේට පක්ෂපාත ව සිටි ජනතාව දෙසත් ය.
දෙ වන අරමුණ නම්, ජෙරුසලමෙහි දේව මාලිගාවේ දේව නමස්කාරයේ ආරම්භයත්, පූජකවරුන්ගේ හා ලෙවීවරුන්ගේ සංවිධානත් විස්තර කර දැක්වීම යි. සලමොන් රජ තෙම දේව මාලිගාව ගොඩනැඟුවේ වුවත්, එහි නිර්මාතෘවරයා දාවිත් රජ බව මෙම පොතේ කතුවරයා පෙන්වා දී ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1–9 වංශාවලි සහ නාම ලැයිස්තු.
පරිච්ඡේද 10–14 සාවුල්ගේ මරණය.
පරිච්ඡේද 11–29 දාවිත්ගේ රාජ්‍ය සමය.
(අ) පරිච්ඡේද 11–22 ආපදා සහ බලවන්ත ක්‍රියා.
(ආ) පරිච්ඡේද 22–29 දේව මාලිගාව ගොඩනැඟීමේ ආරම්භය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in