1 වංශාවලිය 7:6-12
1 වංශාවලිය 7:6-12 SNRV
බෙන්ජමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, ජෙදීයයෙල් යන තුන්දෙනා ය. බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උශ්ශිය, උශ්ශියෙල්, ජෙරිමොත්, ඊරී යන පස්දෙනා ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු පෙළපත් වශයෙන් ගණන් කරන ලදුව විසිදෙදාස් තිස්හතරදෙනෙක් වූ හ. බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: ශෙමිරා, ජෝවාෂ්, එලියෙසර්, එලියෝයේනයි, ඔම්රී, ජෙරිමොත්, අබියා, අනාතොත් සහ ආලෙමෙත් ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ පෙළපත් වශයෙන් තමන්ගේ පරම්පරා හැටියට, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි බලවන්ත මනුෂ්‍යයෝ විසිදාස් දෙසියයක් ය. ජෙදීයයෙල්ගේ පුත්‍රයා නම්: බිල්හන් ය. බිල්හන්ගේ පුත්‍රයෝ නම්: ජෙවුෂ්, බෙන්ජමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර් ය. මේ සියල්ලෝ තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ජෙදීයයෙල්ගේ පුත්‍රයන් ව, සේනා වශයෙන් යුද්ධයට යන්නට පුළුවන් වූ බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු දහහත්දාස් දෙසියදෙනෙක් වූ හ. ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂිම් අහෙර්ගේ පුත්‍රයෙක් ය.


