YouVersion Logo
Search Icon

1 වංශාවලිය 11:22-25

1 වංශාවලිය 11:22-25 SNRV

බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය. ඔහු මීටර් දෙකක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිසර ජාතිකයෙකුත් මැරී ය. මිසරයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ය. ඔහු පොල්ලක් ඇති ව මිසර ජාතිකයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමුවේ ය. ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ වීර ක්‍රියා කොට බලවන්තයන් තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය. ඔහු ඒ තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ කෙනෙක් විය. ඒ නමුත්, ඔහු පළමු වන තුන්දෙනාගේ ගණනට පැමිණියේ නැත. දාවිත් තමාගේ ආරක්ෂක මුර හමුදාව කෙරෙහි ඔහු පත් කෙළේ ය.