YouVersion Logo
Search Icon

රෝම 8:18-33

රෝම 8:18-33 NRSV

මේ ජීවිතයේ දුක් වේදනා, අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමඟ කිසි සේත් සැසඳිය නොහැකි ය යි කල්පනා කරමි. මවා ඇති මේ විශ්වය වුව ද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටියි. මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීම ය. මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු. එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු. අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක. අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය. එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක. කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද? උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද? දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.

Verse Images for රෝම 8:18-33

රෝම 8:18-33 - මේ ජීවිතයේ දුක් වේදනා, අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමඟ කිසි සේත් සැසඳිය නොහැකි ය යි කල්පනා කරමි. මවා ඇති මේ විශ්වය වුව ද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටියි. මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීම ය. මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු. එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු. අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු.
එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක. අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි.
තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය. එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක.

කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද? උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද? දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.රෝම 8:18-33 - මේ ජීවිතයේ දුක් වේදනා, අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමඟ කිසි සේත් සැසඳිය නොහැකි ය යි කල්පනා කරමි. මවා ඇති මේ විශ්වය වුව ද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටියි. මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීම ය. මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු. එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු. අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු.

කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද? උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද? දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.

Free Reading Plans and Devotionals related to රෝම 8:18-33