YouVersion Logo
Search Icon

රෝම 2:17-24

රෝම 2:17-24 NRSV

ඔබ ජුදෙව් නාමය දරන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහු ය. ඔබ උන් වහන්සේගේ කැමැත්ත දන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරි දෙය අනුමත කරන්නහු ය. ඔබ එය අන්ධයන්ට මඟපෙන්වන්නෙකු ද අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක් ද නූගතුන්ට ගුරුවරයෙකු ද දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකු ද බව නිසැක ව විශ්වාස කරන්නහු ය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍යය ගැබ් වී ඇති බව ඔබට සහතික ය. ඔබ අන්‍යයන්ට ගුරූපදේශ දෙන්නහු ය; එහෙත් ඔබ තමන්ට ම ගුරූපදේශ නො දෙන්නේ මන් ද? “සොරකම් නොකරව”යි ඔබ දේශනා කරන්නහු ය, එහෙත් ඔබ ම සොරකම් කරන්නහු ද? “කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද? ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහු ය; එහෙත්, ඔබ ම ව්‍යවස්ථාව කඩ කිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහු ද? එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”