රෝම 2:1-3
රෝම 2:1-3 NRSV
එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුව ද, ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද, අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේ ම ඔබ ද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දු වී සිටින්නෙහි ය. එවැනි දේ කරන්නන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු. ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එම දේ ම කරන්නෙහි නම්, ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරෙනු ඇතැ යි සිතන්නෙහි ද?





