රෝම 15:9-13
රෝම 15:9-13 NRSV
විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන් වහන්සේට ගෞරව කරන පිණිසත් ය. ශුද්ධ ලියවිල්ලෙහි: “එබැවින් විජාතීන් අතර ඔබ පසසන්නෙමි. ඔබගේ නාමයට ගී ගයන්නෙමි”යි ලියා ඇත. නැවතත්: “විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති ප්‍රමෝද වන්නැ”යි කියා ඇත. තවදුරටත්: “සියලු විජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න; සියලු ජාතීහු උන් වහන්සේට ප්‍රශංසා කරත්වා”යි ලියා ඇත. තවද: “ජෙස්සේගේ පෙළපතින් පැවත එන්නා වූ ද, විජාතීන් පාලනය කිරීමට නැඟ එන්නා වූ ද, තැනැන් වහන්සේ වඩින සේක; උන් වහන්සේ තුළ විජාතීන් බලාපොරොත්තු වනු ඇතැ”යි යෙසායා කියයි. තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක් වා.





