YouVersion Logo
Search Icon

ගීතාවලිය 9:7-12

ගීතාවලිය 9:7-12 NRSV

සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි. ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක. සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න. දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.

Related Videos