ගීතාවලිය 56:1-4
ගීතාවලිය 56:1-4 NRSV
දෙවිඳුනි, මට දයා වුව මැනව. මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය; දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය. සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?





