ගීතාවලිය 30:2-5
ගීතාවලිය 30:2-5 NRSV
මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක. සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක. පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න. මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.





