YouVersion Logo
Search Icon

ගීතාවලිය 22:22-25

ගීතාවලිය 22:22-25 NRSV

ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි. හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න; එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක. මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි.