YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:1-7

ගීතාවලිය 145:1-7 NRSV

මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි. සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි. සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය. පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති. මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි. ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති.

Video for ගීතාවලිය 145:1-7

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 145:1-7