YouVersion Logo
Search Icon

ගීතාවලිය 126

126
මුදනු ලැබූ අයගේ ස්තුති ගීය
1සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.
2එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු;
ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු.
එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.
3සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක;
එබැවින් අපි සන්තෝෂ වමු.
4සමිඳුනි, අපේ සිරකරුවන්#126:4සමෘද්ධිය යන අදහස ද ඇත. දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව.
5දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය.
6ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්, තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in