YouVersion Logo
Search Icon

ගීතාවලිය 12

12
අභක්තිය පැවති කලක කළ අයැදුම
දාවිත්ගේ ගීතයකි.
1සමිඳුනි, පිහිට වුණ මැනව.
සැදැහැවතුන් ඉතිරි ව නැත.
විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත.
2මිනිසා මිනිසාට බොරු පවසයි;
චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.
3සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න;
පුරසාරම් නැති කරන්න.
4ඔව්හු මෙසේ උදන් අනති:
“අප රිසි දෙය අපි කියමු;
කුමට ද අප නිහඬ වන්නේ?
කවුරු ද එය නවතන්නේ?”
5අප සමිඳාණෝ මෙසේ වදාරති:
“පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා,
ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි;
ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”
6කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.
7සමිඳුනි, අප රැකගත මැනව;
කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව.
8පවිටු දනෝ ඔබමොබ යති.
රට සැම දෙස දුසිරිත වැජඹෙයි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in