ගීතාවලිය 115
115
එක ම සැබෑ දෙවියන් වහන්සේ
1සමිඳුනි, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.
2“ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද?
3අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය;
තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.
4 #
ගීතා 135:15-18; එළිද 9:20 ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය;
මිනිසුන්ගේ දෑතේ වැඩ ය.
5ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි;
ඇස් ඇත, එහෙත්, නොදකියි;
6කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;
7ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි;
පාද ඇත, එහෙත්, නොඇවිදියි;
උගුරෙන් ශබ්ද නොකරයි.
8ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය;
ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.
9එම්බා ඉශ්රායෙල් ජනයෙනි!
සමිඳුන් විශ්වාස කරන්න.
ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
10එම්බා ආරොන්ගේ වංශය!
සමිඳුන් විශ්වාස කරන්න.
ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
11සමිඳුන් නමදින සියල්ලෙනි!
සමිඳුන් විශ්වාස කරන්න.
ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
12සමිඳාණෝ අප සිහිකරන සේක;
අපට ආශීර්වාද කරන සේක;
එතුමාණෝ ඉශ්රායෙල් වංශයට ආශීර්වාද කරන සේක;
එතුමාණෝ ආරොන්ගේ වංශයට ආශීර්වාද කරන සේක.
13 #
එළිද 11:18; 19:5 සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමාණෝ ආශීර්වාද කරන සේක.
14සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා!
15අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!
16ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය.
එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.
17මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.
18එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Currently Selected:
ගීතාවලිය 115: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society