YouVersion Logo
Search Icon

ගීතාවලිය 112:1-5

ගීතාවලිය 112:1-5 NRSV

සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය. සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය. සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.

Video for ගීතාවලිය 112:1-5

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 112:1-5