ගීතාවලිය 108
108
උදෑසන ගීතයක්
දාවිත්ගේ ගීතයකි.
1අහෝ දෙවිඳුනි!
මට අචල විශ්වාසයක් ඇත්තේ ය.
මම ගී ගයා ඔබ පසසමි.
මාගේ හදවත, අවදි වන්න!
2එම්බා කුඩා වීණාව!
මහා වීණාව, පිබිදෙන්න!
එවිට මම උදා හිරු අවදි කරන්නෙමි.
3අහෝ සමිඳුනි!
මම ජනතාව අතර ඔබ පසසමි;
විජාතීන් අතර මම ඔබට ගී ගයමි.
4ඔබේ තිර පෙම සගලොව දක්වා නඟින්නේ ය;
ඔබේ සත්‍යවාදීකම අහස උසට නැඟී ඇත්තේ ය.
5දෙවිඳුනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහසට වඩා උසස් බව දැක්වුව මැනව;
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!
6ඔබ ප්‍රේම කරන්නන් මිදෙන පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව.
අපේ අයැදුමට පිළිතුරු දුන මැනව.
7දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක:
“විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි;
සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කරන්නෙමි.
8ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය;
එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය;
ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
9මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය;
මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි.
පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”
10කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද?
ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙන යන්නේ කවරෙක් ද?
11අහෝ සමිඳුනි!
ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද?
අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?
12එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව.
මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
13දෙවිඳුන්ගේ සහය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු;
එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
Currently Selected:
ගීතාවලිය 108: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society