YouVersion Logo
Search Icon

ගීතාවලිය 107:31-43

ගීතාවලිය 107:31-43 NRSV

සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා! එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක. එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය. එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක; සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය. ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ. ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක; ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක. ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ. එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක. එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක. සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය. නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා! ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 107:31-43