YouVersion Logo
Search Icon

ගීතාවලිය 107:23-31

ගීතාවලිය 107:23-31 NRSV

සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති. මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක. නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ. ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය. නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක. සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!

Video for ගීතාවලිය 107:23-31

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 107:23-31