YouVersion Logo
Search Icon

හිතෝපදේශ 31:2-9

හිතෝපදේශ 31:2-9 NRSV

මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න. ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න. ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි. සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති. මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය; සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය. එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා. තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න. ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 31:2-9