හිතෝපදේශ 3:13-18
හිතෝපදේශ 3:13-18 NRSV
ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත! එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය. ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය. දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය, ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි. ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!





