හිතෝපදේශ 23
23
- 6 -
1ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න.
2ඔබ කෑදර නම් කෑදරකම දමනය කරගන්න.
3ඔහුගේ රසවත් කෑමට ගිජු නොවන්න, මෙය ඔබ රැවටීමේ උපායක් වන්නට බැරි නැත.
- 7 -
4පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.
5වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.
- 8 -
6මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න.
ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.
7“තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්, ඔහුගේ සිත අවංක නැත.
8එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත.
ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත.
- 9 -
9අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත;
ඔබේ කීම්වල අගය තේරුම්ගන්න ඔහු අපොහොසත් ය.
- 10 -
10පැරණි මායිම් ගල් කිසි දා වෙනස් නොකරන්න;
අනාථයන්ගේ වතුපිටි අල්ලා නොගන්න.
11මන්ද, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න ය;
එතුමාණන් උසාවියේ දී ඔබට විරුද්ධ ව පෙනී සිටිනු ඇත.
- 11 -
12ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.
- 12 -
13දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
14කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.
- 13 -
15මාගේ පුත්‍රය, ඔබ නැණවතෙකු වුණොත් මටත් කොතරම් ප්‍රීතියක් ද?
16ඔබ නැණවත් දේ පවසන විට මාගේ හදවත පිනා යයි.
- 14 -
17පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.
18එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.
- 15 -
19මාගේ පුත්‍රය, ම වදන් අසා නැණවත් වන්න;
හරි මඟ ගමන් කරන්න.
20සුරා සොඬුන් ද මස් මාංසයට කෑදර වූවන් ද ඇසුරු නොකරන්න.
21මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති.
ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.
- 16 -
22ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න;
මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.
23සත්‍යය ද ප්‍රඥාව ද උගත්කම ද නැණනුවණ ද මිල දී ගන්න, ගත් පසු, ඒවා කිසි ම දාක නොවිකුණන්න.
24දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත;
නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි.
25ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න;
ඔබගේ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න.
- 17 -
26මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.
27වෙසඟන ගැඹුරු වළකි;
සලෙලු ලිය පටු ළිඳකි.
28මොවුහු හොරුන් මෙන් සැඟවී බලා සිටිති, බොහෝ දෙන පරදාර සේවනයට පොළඹවති.
බීමත්කමේ දුර්විපාක
- 18 -
29දුක කාට ද?
කාලකණ්ණිකම කාට ද?
අඬදබර කාට ද?
මැසිවිලි කාට ද?
නිකරුණේ තුවාළ කාට ද?
රතු ඇස් කාට ද?
30සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය.
තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.
31මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න.
32අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දෂ්ට කරයි.
33එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.
34එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.
35එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත:
“ ‘ඔවුන් මට පහර දෙන්නට ඇත, නමුත් මට රිදුණේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත, නමුත් මට දැනුණේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද?
එවිට මම තව උගුරක් බොමි.’ “
Currently Selected:
හිතෝපදේශ 23: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: