හිතෝපදේශ 2:2-6
හිතෝපදේශ 2:2-6 NRSV
ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න. නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න. රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි. මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.





