හිතෝපදේශ 2:1-8
හිතෝපදේශ 2:1-8 NRSV
මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න; මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න. ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න. නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න. රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි. මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි. සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක. සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක.





