YouVersion Logo
Search Icon

හිතෝපදේශ 18:13-17

හිතෝපදේශ 18:13-17 NRSV

පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත. මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි; එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද? බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය. ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇර දෙයි; ප්‍රභූවරයන් වෙත යාමට අවස්ථාව ද සලසයි. උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.