YouVersion Logo
Search Icon

ගණන් කථාව 23:27-30

ගණන් කථාව 23:27-30 NRSV

ඉන්පසු බාලාක් බාලාම්ට කතා කොට, “එන්න, කරුණාකර, මම ඔබ වෙනත් තැනකට ගෙන යමි. ඇතැම් විට එතැන සිටවත් මා වෙනුවෙන් මොවුන්ට සාප කිරීමට දෙවියන් වහන්සේ ඔබට අවසර දෙත හැකි ය”යි කී ය. මෙසේ කියා, ඔහු කාන්තාරය ඉදිරිපිට වූ පෙයොර් නම් කඳු මුදුනට බාලාම් ගෙනාවේ ය. ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය. බාලාම් කී පරිදි බාලාක් කළ පසු, ඔහු එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.

Video for ගණන් කථාව 23:27-30