YouVersion Logo
Search Icon

ගණන් කථාව 14:7-9

ගණන් කථාව 14:7-9 NRSV

ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි. සමිඳාණන් වහන්සේ අප ගැන ප්‍රසන්න වන සේක් නම්, උන් වහන්සේ අප මේ රටට පමුණුවා, එය අපට ලබා දෙන සේක. ඒ රට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 14:7-9