ගණන් කථාව 14:1-4
ගණන් කථාව 14:1-4 NRSV
එදින රාත්‍රියේ මුළු සෙනඟ ම ශබ්ද නඟා කෑගසමින් හඬන්නට වූ හ. ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද! යුද්ධයෙන් අප නසාලන්නටත්, අපේ අඹුදරුවන් බිලි කරන්නටත්, සමිඳාණන් වහන්සේ මේ දේශයට අපව ගෙනාවේ ඇයි දැ”යි කී හ. ඉන්පසු ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නායකයෙකු තෝරාගෙන මිසර දේශයට යමු”යි කතා කරගත් හ.





