ගණන් කථාව 11:1-3
ගණන් කථාව 11:1-3 NRSV
සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය. එවිට සෙනඟ මෝසෙස්ට මොරගෑ හ. ඔහු සමිඳාණන් වහන්සේ අයැදි කල, ගින්න නිවී ගියේ ය. උන් වහන්සේ එවූ ගින්න ඔවුන් දවාලූ නිසා එම ස්ථානයට ඔහු තබේරා කියා නම් තැබී ය.





