නාහුම් 3:1-3
නාහුම් 3:1-3 NRSV
ලේ වගුරුවන නිනිවය, තිට වන විපතක මහත! මුළු නගරය වංචාවෙන් ද බලහත්කාරයෙන් ද පිරී ඇත. එහි කොල්ලකෑම නිමක් නැත. කසවල සට සට යන ශබ්දයටත්, රෝදවල කට කට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති; රථ ද හැලහැප්පෙමින් යයි. අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබළෙයි. සමූහයක් මැරුම් කා ඇත. මළකඳන් ගොඩගැසී ඇත. මළමිනීවල නිමක් නැත. මිනිස්සු මළකඳන්වල හැපී වැටෙති.





