YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 8:23-26

ශුද්ධවර මතෙව් 8:23-26 NRSV

උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ. එවිට ඔරුව රැළ පතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමී ය. උන් වහන්සේ ඔරුවේ සැතපී හුන් සේක. එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, “ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.