ශුද්ධවර මතෙව් 22:41-46
ශුද්ධවර මතෙව් 22:41-46 NRSV
පරිසිවරුන් රැස් ව සිටිය දී ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ක්‍රිස්තුස් ගැන ඔබ කුමක් සිතන්නහු ද? උන් වහන්සේ කවරෙකුගේ පුත්‍රයා දැ”යි ඇසූ සේක. “දාවිත් රජුගේ පුත්‍රයා ය”යි ඔව්හු කී හ. උන් වහන්සේ ඔවුන්ගෙන් මෙසේ ඇසූ සේක: “එසේ නම්, දාවිත් ශුද්ධාත්මානුභාවයෙන් පෙළඹී උන් වහන්සේට ‘සමිඳාණන් ය’යි කීවේ කෙසේ ද? මන්ද, ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ සමිඳුන්ට කී සේකැ’යි දාවිත් කී ය. මෙසේ දාවිත් උන් වහන්සේට, ‘සමිඳාණන් ය’යි කියන්නේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?” එක වචන මාත්‍රයකින් වත් උන් වහන්සේට පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකි විය. එදා පටන් උන් වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්න කිසිවෙකුට ධෛර්යය නොතිබිණි.





