ශුද්ධවර මතෙව් 21:8-11
ශුද්ධවර මතෙව් 21:8-11 NRSV
සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය. පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ. උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ.


![[Certainty In The Uncertainty Series] The Plan of God and Response of Man ශුද්ධවර මතෙව් 21:8-11 Sinhala New Revised Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F21096%2F1440x810.jpg&w=3840&q=75)
![[Revelation] The Comeback: White Horse Return ශුද්ධවර මතෙව් 21:8-11 Sinhala New Revised Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F27764%2F1440x810.jpg&w=3840&q=75)

