YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 19:27-30

ශුද්ධවර මතෙව් 19:27-30 NRSV

එවිට පේදුරු කතා කරමින්, “බලන්න, අපි නම් සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය. ඇරත් මාගේ නාමය නිසා, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය. එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.”

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 19:27-30