ලෙවී ව්‍යවස්ථාව 27:1-10
ලෙවී ව්‍යවස්ථාව 27:1-10 NRSV
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය. “ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි. ස්ත්‍රියක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි තිහක් වේ. “අවුරුදු පහේ සිට විස්ස දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි විස්සකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි. “මාසයේ සිට අවුරුදු පහ දක්වා වයසැති පිරිමි ළමයෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පහකි. ගැහැණු ළමයෙක් නම්, රිදී කාසි තුනකි. “අවුරුදු හැටට වැඩි වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පසළොසකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි. “බාරය වූ තැනැත්තා, නියම කළ මුදල ගෙවීමට නොහැකි දුප්පතෙක් නම්, ඔහු පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. පූජකවරයා ද ඔහුගේ වත්කම අනුව මුදලක් නියම කරනු ඇත. “බාර වූ දේ සමිඳාණන් වහන්සේට පූජාවක් ලෙස පිළිගත හැකි සතෙක් නම්, එලෙස උන් වහන්සේට පුදන දේ කැප වූවක් විය යුතු ය. ඔහු බාර වූ පසු හොඳ සතෙකුට නරක සතෙකු හෝ නරක සතෙකුට හොඳ සතෙකු හෝ වශයෙන් මාරු නොකළ යුතු ය. එසේ මාරු කළොත්, සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප කළ වස්තු වෙත්.



